ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හා දීමනා

පසුගියදා රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද සහ දීමනා හිමිවන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා ඒ බව පෙන්වා දී තිබෙනවා.

ඔහුට අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරයාගේ හිමිකම් පිළිබඳ පනතේ හිටපු ජනාධිපතිවරයෙකු සඳහා හිමිවන වරප්‍රසාද යටතේ සඳහන් වන ආකාරයට ඔහු රැඳී සිටිය යුතු ධුර කාලය පිළිබඳව එහි කිසිදු සඳහනක් නොකෙරෙන බවයි කියන්නේ.

ජනාධිපති නීතිඥවරයාට අනුව ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳට විශ්‍රාමික ජනාධිපතිවරයකුට සහ ඔහුගේ බිරිඳට හිමිවන සියලු වරප්‍රසාද හිමි වීමට නියමිතයි.

POPULAR

Recent articles