විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ලියාපදිංචිය තහවුරු කිරීම SMS මගින් ලබා ගත හැක.

ඒ සඳහා ‘EBILL යනුවෙන් ටයිප් කර ගිණුම් අංකයද ඇතුලත්කර 1989 ට එවන ලෙස ලංවිම පාරිභෝගිකයින්ට උපදෙස් දී තිබෙනවා.

POPULAR

Recent articles