ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙන බව ඩලස් කියයි

තමන් ජනාධිපති ධුරය සඳහා තරඟවදින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඔහු සඳහන් කර තිබෙන්නේ එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ දී තමන් ඉදිරිපත් වන බවයි.

ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles