බස් ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී පසුගියදා බස් රථ දෙකකට ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් 0718 59 1755, 0718 59 4929 හා 0112 44 4265 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි.

පසුගිය 31 වනදා මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී කළහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපොළවලට අලාභහානි සිදු කර, ඒ අසළ වූ බස් රථවලට හා වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles