ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ලැයිස්තුවක් ඉල්ලයි

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර හමුවක් පැවැත්වුණා.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ඉන්දිය මහකොමසාරිස්වරයා සදහන් කළේ ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට අවශ්‍ය ආහාර පිළිබඳව වාර්ෂික ලැයිස්තුවක් ලබා දෙන ලෙසයි.

එලෙස ශ්‍රි ලංකාවේ ආහාර අවශ්‍යතාවයන් කල් තියා දැන ගැනිම තුළින් ශ්‍රි ලංකාවට අවශ්‍ය ආහාර ලබා දිම සදහා සිය ආර්ථික ප්‍රතිපත්තින් වලදි ප්‍රමුඛස්ථානය ලබා දිය හැකි බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කරනවා.

POPULAR

Recent articles