රොනාල්ඩෝ ලෝක පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල වාර්තා කළ කී‍්‍රඩකයා වෙයි

ලෝක පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල වාර්තා කළ කී‍්‍රඩකයා බවට පත්වන්නට කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

ඒ පසුගියදා මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායම හා ටොටන්හැම් කණ්ඩායම අතර පැවැති තරගයේදී ගෝල 3ක් වාර්තා කරමිනුයි.

ටොටන්හැම්ට එරෙහිව මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ප‍්‍රහාරයක නියැලූනු රොනාල්ඩෝ තරගයේ 12 වන මිනිත්තුවේදී සිය වෘත්තීය දිවියේ 805 වැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

එය එතෙක් ලෝකයේ වැඩිම ගෝල වාර්තා කළ කී‍්‍රඩක ලැයිස්තුවේ පෙරමුණේ සිටි ජෝසෆ් බිකාන් හා සම තැන් ගැනීමක් වනවා.

ඉන් නොනැවතුණු රොනාල්ඩෝ තවත් එම තරගයේදී තවත් ගෝල 2ක් වාර්තා කරමින් සිය වෘත්තීය ජීවිතයේ වාර්තා කළ සමස්ත ගෝල ගණන 807 දක්වා වැඩිකර ගැනීමට සමත් වූ අතර ඒ අනුව ලෝකයේ වැඩිම ගෝල වාර්තා කළ කී‍්‍රඩකයාගේ වාර්තාව තම නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට රොනාල්ඩෝ සමත් වුණා.

මෙම තරගයේදී රොනාල්ඩෝ වාර්තා කළ ගෝල ති‍්‍රත්වය සමගින් ටොටන්හැම් කණ්ඩායමට එරෙහිව ගෝල 3 – 2ක් ලෙස සුපිරි ජයක් වාර්තා කිරීමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට හැකියාව ලැබිණි.

POPULAR

Recent articles