ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමුඛතාව ගැන වාර්තාවක් ඉල්ලයි

ඉන්ධන මිල දී ගැනීම හා බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය ලබාදෙන ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි කරමින් වාර්තාවක් සකස් කර එළඹෙන 12 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නීතිඥ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් සලකා බැලීමෙන් අනතුරුව යි.

විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

POPULAR

Recent articles