පාකිස්ථාන යුධ නැව අද (12) කොළඹ වරායට

පාකිස්ථාන නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව අද (12) කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳව කළ විමසීමකදී හාබර් මාස්ටර්වරයා ඒ බව තහවුරු කර සිටිනවා.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණිම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානයෙන් සිටියා.

බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අතර එය කොළඹ වරාය වෙත පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.

POPULAR

Recent articles