ලක්ෂ 500 කැරම් බෝර්ඩ් නඩුව දිගටම අරන් යන්න එපා

2015 වසරේ සිදුකළ අත්තනෝමතික භාණ්ඩ බෙදා හැරීමේ සිද්ධියකට අදාලව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නලින් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

2015 ජනාධිපතිවරණ සමයේ දී ලංකා සතොස මගින් පාසල් අතර බෙදා හැරීම සදහා ආනයනය කරන ලද රුපියල් ලක්ෂ පන්සියයක පමණ වටිනාකමකින් යුතු කැරම් සහ දාම් බෝර්ඩ් වෙනත් අරමුණු වෙනුවෙන් භාවිතා කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම මෙම නඩුව පවරනු ලැබුවා.

නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට කළ ඉල්ලීම, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම ප‍්‍රතික්ෂේප කර ඇති බවට අධිකරණයේදී කරුණු දැක්වූ විත්තියේ නීතීඥයින් කියා සිටියා.

එබැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි අතර, විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමටයි.

POPULAR

Recent articles