විදුලිබලාගාර 8 ක් කොට උඩ

ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10 න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

එම බලාගාර අට අක්‍රීය වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424 ක් අහිමිවී ඇති බවයි ඔහු කියා ඇත්තේ. සපුගස්කන්ද A සහ B බලාගාරය සහ සොජිට්ස් බලාගාරය පමණක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි ඔහු කියන්නේ.

යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන අද (02) දිනයේ ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පවසා තිබූ බවත් නැප්තා මේ වන විට විදුලිබලාගාරයට පොම්ප කරමින් සිටීම නිසා එම ප්‍රමාණය අද දිනයේ පාවිච්චි කළ හැකි බව එම නිලධාරියා වැඩි දුරටත් කියා තිබුණා.

POPULAR

Recent articles