”ගෝඨාභයවත් මෙහෙම කළේ නෑ” – ඕමල්පේ සෝභිත හිමි

”ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ” යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

”මේ වනව්ට නව ජනාධිපතිවරයා දිවුරුම් දී පැය 24 ඉක්ම යමින් පවතිනවා. නමුත් මේ දක්වා ජාත්‍යන්තරයෙන් නිසි පිළිගැනීමක්වත් එක්කර නැහැ.පසුගියදා ජාත්‍යන්තරයෙන් රජයට දන්වා තිබුනා මහජන අරගල අවි බලයෙන් මැඩ පවත්වන්න ඉඩ තියන්න එපා කියලා. රජයට අවවාදත් ලබාදිලා තිබුණා. එවැනි අවස්ථාවක නිරායුද ප්‍රජාත්‍රන්තවාදීව ඉල්ලීම් ඉල්ලන අරගලකරුවන්ට ආයුද සන්නද්ධ හමුදා පිරිස් මහ රාත්‍රියේ ත්‍රස්තවාදී පිරිසක් මැඩ පවත්වන ආකාරයෙන් පහර දීම නින්දිතයි.”

”මේ අයුරින් ජන අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් හැකියාව තිබුණා. නමුත් එතුමා එහෙම කළේ නැහැ. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂටත් වඩා දරුණු තීරණ ගන්නා කෙනෙක්ද කියලා රටට අවබෝධයක් ලැබෙනවා.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles