පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක්

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියන්නේ. වායු දුෂණය අඩු කිරීම, කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීම ඇතුළු තවත් කාරණා ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසනවා.

වාහන තදබද ඇති විට එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් අහිමි වන බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බව අමරවීර අමාත්‍යවරයා කියනවා.

පාපැදිය භාවිතා කිරීම මගින් සෑම කිලෝමීටර් එකටම රුපියල් 236 ඉතිරි කළ හැකි නිසා ඒ මඟින් රජයට රුපියල් 339ක ලාභයක් ලැබන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

POPULAR

Recent articles