”චීන නැව අද (22) යනවා” – හාබර් මාස්ටර්

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද (22) සවස 4.00ට මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ හාබර් මාස්ටර්වරයා සඳහන් කරනවා.

ආන්දෝලනාත්මක තත්වයක් ඇතිකළ චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරායට සේන්දු වුණා.

චන්ද්‍රිකා හා අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නක් වනවා.

POPULAR

Recent articles