පොහොට්ටු මන්ත්‍රී රිකිල්ලගස්කඩ දී රතු තරුවට පශ්චාත්භාගය පෙන්වයි !

පොහොට්ටු මන්ත්‍රී රතු තරුවට පශ්චාත්භාගය පෙන්වයි !

හඟුරන්කෙත සහ රිකිල්ලගස්කඩ යන නගරවල විශබීජ නාශක දියර ඉසිමින් විශබීජානුහරණය කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රතු තරුව විසින් අද දිනයේදී සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවේදී රිකිල්ලගස්කඩ නගරයට පැමිණි හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක / සුමිත් වීරසූරිය මහතා මෙම වැඩපිළිවෙළට බාධාකරමින් කලහකාරී තත්වයක් ඇතිකිරීමට උත්සහ දරා තිබෙනවා.

එහිදී ඔහු රතු තරුවේ සාමාජිකයින්ට අසභ්‍ය වචනවලින් බැනවදිමින් නගර මධ්‍යයේ සිටගෙන සිය පශ්චාත් භාගය ප්‍රදර්ශනය කරමින් ඉතාමත් අසභ්‍ය සහ අශිෂ්ට ආකාරයෙන් හැසිරුණු බවත් එම සිද්ධියට මැදිහත් වූ හඟුරන්කෙත පොලිසිය විසින් පොදුජන පෙරමුණේ අදාල මන්ත්‍රීවරයාව පලවා හැර තම කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට ශ්‍රී ලංකා රතු තරුවට ඉඩ සලසා දුන් බවත් හඟුරන්කෙත ජනතා විමුක්ති පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමන්ත ප්‍රදීප් මහතා A 5 නිව්ස් වෙත අදහස් දක්වමින් මෙසේ පවසා සිටියා …..

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

POPULAR

Recent articles