ජනවාරි මාසයේ උද්ධමනය 14.2% යි

මහ බැංකුව විසින් මෙම වසරේ ජනවාරි මාසයේ උද්ධමනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී මතුපිට උද්ධමනය 14.2% ක් වන අතර දෙසැම්බර් මාසයේ එය වාර්තා වී තිබුනේ 12.1% ක් ලෙසයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.1 ක ඉහළ යෑමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.

කෙසේ වුවද ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles