අන්තරේ කැඳවුම්කරුට හා රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට හා පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2021 වසරේ සිදුකළ උද්ඝෝෂණයකදී අයුතු අවහිර කිරීමක් සිදුකළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

POPULAR

Recent articles