බැසිල් පොහොට්ටුවෙන් අස්වුණු ඡායාරුපය

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත අද (09) පෙරවරුවේ බාරදී තිබුණා. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බවට පසුගිය දින කිහිපය පුරාම ප්‍රචාරය වූ අතර අද දිනයේ එය සනාථ කරමින් ඔහු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූණා.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බවට වගන්තිය ඇතුළත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධය පළ කළා.

බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙක් වන අතර ව්‍යවස්ථා සංශෝධන ගැටළුව ද ඔහුගේ ඉවත්වීමට හේතුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ නමුත් ඉදිරියේදි පොහොට්ටුවෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු අසුන සඳහා ධම්මික පෙරේරා යෝජනා කිරීමට නියමිතයි.

POPULAR

Recent articles