ශ්‍රී ලංකාව, ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හය වැනි තැනට

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කිගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ස්ටීව් හැන්කිගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව ස්ටීව් හැන්කි පෙන්වා දෙනවා.

විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කිගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම හා මෙවර එම උද්ධමන වගුවේ ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානයට පත්ව තිබීමයි.

POPULAR

Recent articles