දුම්රිය ප්‍රවේශ පත්‍ර හිඟයක්

දුම්රිය ප්‍රවේශ පත්‍රවල හිඟයක් මතුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරන්නේ මගීන්ගේ ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

එමෙන්ම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පෙන්වා දෙන්නේ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලයේ හිඟයක් මතුව ඇති බවයි.

එය කඩිනමින් මග හැරවීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරනවා.

POPULAR

Recent articles