ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා හතරවන එක්දින තරඟය අද (21)

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව අද (21) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී තරඟය ආරම්භ වීමට නියමිත තිබෙනවා.

මේ වන විට තරඟ පහකින් සමත්විත තරඟාවලිය තරඟ 2 ට 1 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටින අතර අද (21) තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක් වනවා.

පසුගිය තරඟයේදී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ කුසල් මෙන්ඩිස් අද (21) තරඟය සඳහා ක්‍රීඩා කරන අතර පැතුම් නිස්සංකද තරඟය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

POPULAR

Recent articles