උතුරේ ජනතාවට දැඩි අසාධාරණයක්

මානව හිමිකම් කවුන්සලයේ දී විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් සිදුකල ප්‍රකාශයට එරෙහිව විරෝධතාවක් යාපනේදී පැවැත්වුණා. යාපනය නල්ලූර් කයිලාස හින්දු කෝවිල ඉදිරිපිටදී සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ, විදේශ අමාත්‍යවරයා විසින් මානව හිමිකම් කවුන්සලයේදී උතුරේ අතුරුදහන් වූවන් සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ සිදුකල ප්‍රකාශය දඩි ලෙස හෙලා දකින අතරම එම ප්‍රකාශයෙන් උතුරේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.

පසුව විරෝධතා කරුවන් විසින් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී විදේශ අමාත්‍ය .ජී.එල්. පීරිස්ගේ අනුරුවකටද ගිනි තබනු ලැබුවා.

විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයන්ට එරෙහිව දෙමළ ජනතාව පෙළගැසිය යුතු බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියා. විරෝධතාවය අවසානයේදී ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් යාපනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය භාරදීමටද පියවර ගත්තා.

POPULAR

Recent articles