ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කරයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමි සභාපතිත්වය දරන “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය යලිත් දීර්ඝ කර තිබෙනවා.

ඒ සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර තියෙන්නේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ අත්සනින්. එම බලකාය වෙත ලබා දී ඇති කාලය 2022 මැයි 27 දින සිට තවත් සති තුනකින් (03) දීර්ඝ කරමිනුයි ජනාධිපති ලේකම්වරයා විසින් එම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

POPULAR

Recent articles