QR අවස​රපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම 21 වනදා සිට

QR කේත යොදාගනිමින් ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.

ඒ අනුව 21 වනදා සිට QR කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවද, එම නිසා එතෙක් පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ඔහු කියා සිටිනවා.

මේ අතර මෙම QR අවසරපත්‍ර ලබාගැනීමට අපහසුතා ඇති අයට, එය මුද්‍රණය කර ලබාදීමේ සේවාවන් දිවයිනේ ඇතැම් පිරවුම්හල්, කමියුනිකේෂන් හා පොත් අලෙවිසැල් මඟින් මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles