වැලිකඩින් මතුවු කොරෝනාව

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු
වශයෙන් තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
 
මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන්
පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවා ඇති බව සඳහන්.

හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පී.සී.ආර්
පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම
පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර
නිලධාරීන් ද යොමු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
නිකුත් කළ නිවේදනයක දැක්වුනේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය පාලනය
වී තිබුණද විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන
තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ
ව්‍යාප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බවද
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය
අනිල් ජාසිංහ මහතා පසුගියදා පැවසුවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව
2,077 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

POPULAR

Recent articles