සනත් නිශාන්​ත, ඩෑන් ප්‍රියසාද් හා මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන CIDයට භාරදෙන ලෙස නියෝග

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට හා ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇති බව වාර්තා වනවා.

ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇත්තේ ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙනුයි.

POPULAR

Recent articles