ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ පවතින ප්‍රමාදයක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය කියා සිටිනවා.
එම සංගමයේ සම ලේකම් ඩී.වී ශාන්ත සිල්වා සඳහන් කරන්නේ බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පැවතියද බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පෝලිම් නිර්මාණය වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කළ හොත් ජනතාවට පීඩාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් ඇති බවයි.