ලංකාව උදාහරණයට ගෙන IMF වෙතින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අනතුරු ඇඟවීමක්

පවතින ගෝලීය ආර්ථික තත්ත්වයන් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාව උදාහරණයක් කරගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ G20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමක් අමතමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මෙම අදහස් පළකර ඇති බවයි.

ඇය පෙන්වා දෙන්නේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය බිඳ වැටෙමින් පවතින බවයි.

යුක්‍රේන යුද්ධය සමග ලෝක ආහාර හා භාණ්ඩ මිල දැඩි පීඩනයට ලක්ව ඇති බවත් මෙම තත්ත්වය යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාව එහි අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස පෙන්වා දිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles