නිල කොඩිය ඇඳට එලපු කෙනා අත්අඩංගුවට

මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල කොඩිය රැගෙන ගොස් ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජුලි 09 වැනි දින පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් පසු මෙම පුද්ගලයා කොඩිය ලබාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

CCTV දර්ශන ඔස්සේ ලබාගත් සාක්ෂි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

POPULAR

Recent articles