පැය තුනක්ම විදුලිය කපන්න වෙනවා : බලාගාර දුවන්න තෙල් නැහැ

දෛනිකව අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමේ ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එමෙන්ම විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙගාවොට් 2100 ක විදුලි අවශ්‍යතාවය සැපීරීම සඳහා ජල විදුලි උත්පාදනයෙන් හා ගල් අගුරු බලාගාරයෙන් ලබාගන්නා විදුලි ධාරිතාව ප්‍රමාණවත් නොවන බවය.

ඒ හේතුවෙන් දෛනික පැය 3ක කාලයක් විදුලිය කප්පාදුව කිරීමට සිදුව ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය පවසා සිටී.

යුගදනවි, සපුගස්කන්ද හා බාච් යන ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා දෛනික දැවි තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500 කි.

එහෙත් මේ දිනවල ලැබී ඇත්තේ, දැවිතෙල් මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි.

එමෙන්ම මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 60% ක උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක අතර ඉන් පද්ධතියට එක්කෙරෙන මෙගවොට් සංඛ්‍යාව 1340 කි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600 කට ආසන්න විදුලි ධාරිතාවක් එක් කෙරේ.

POPULAR

Recent articles