මහින්දට හා බැසිල්ට රටින් පිටවීම තහනම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකර තිබූ මෝසමක් සළකා ලැබීමෙන් අනතුරුවයි.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

POPULAR

Recent articles