“හෙට සිට ආපනශාලාවලින් කෑම නෑ” – සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් පවසනවා.

ඔහු කියා සිටින්නේ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බවයි.

ආපනශාලා වසා දැමීමට සිදු වීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව බව කියන ඔහු ආණ්ඩුව මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් නොදුනහොත් රටපුරා ආපන ශාලා වල වළං පිඟන් ගෑස් ටැංකි ඔසවාගෙන ජනාධිපති කාර්යාලය අසලට පැමිණ කඳවුරු බැඳින බව සඳහන් කරනවා.

සාමාන්‍ය ආපන ශාලාවකට පවා දිනකට ගෑස් ටැංකි දෙකක් තුනක් හෝ පහක් වත් වැයවන බව පෙන්වා දෙන අසේල සම්පත් ආපනශාලා සතුව වැඩිපුර ගෑස් ටැංකි නොමැති හෙයින් හෙට (17) දිනයේ සිටම ආපනශාලා වසා දැමීමට සිදු වනු ඇති බවද පවසනවා.

POPULAR

Recent articles