නොරොච්චෝලේ බලගැන්වීමෙන් විදුලි අර්බුදය නිමාවෙයිද ?

2021 දෙසැම්බර් මාසයේ සිට ජාතික විදුලිබල පද්ධතියට අහිමිව තිබූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තෙවැනි ජනක යන්ත්‍රයෙන්, මෙගාවොට් 160ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කළ බව බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමෙන් මෙරට විදුලි අර්බුදයට විසඳුම් ලැබේවිදැ යි අපි විමසා බලමු.

නොරොච්චෝලේ බලාගාරය

නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරය, මෙගාවොට් 300 බැගින් නිපදවන විදුලි උත්පාදක යන්ත්‍ර තුනකින් සමන්විත වේ. මෙම බලාගාරය ශ්‍රී ලංකාව තුළ ඉදිකළ පළමු ගල් අඟුරැ විදුලි බලාගාරය යි.

බලාගාරයේ ඉදිකිරීම් 2006 මැයි මස 11 ඇරඹුනු අතර, එහි පළමු අදියර 2011 මාර්තු 22 වැනිදින විවෘත කිරීමෙන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් පද්ධතියට ලබාදෙනු ලැබුණි.

බලාගාරයේ දෙවන අදියර 2010 මැයි මස දී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින්, ආරම්භකරනු ලැබූ අතර, වැඩ අවසන් කරන ලද එම අදියර 2014 සැප්තැම්බර් 16 වන දින දී චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව, ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600ක් එකතු කරමින් විවෘත කරන ලදී.

මෙගා වොට් 900ක ධාරිතාවක් ලබාදෙන ලක්විජය විදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීනයේ CMEC ආයතනය යි. මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුව මඟින් මූල්‍යාධාර සපයා ඇත.

ලක්විජය විදුලි බලාගාරය (වෙනත් ගල් අඟුරු බලාගාර මෙන්ම) කොටස් ගණනාවකින් සමන්විත දැවැන්ත පද්ධතියක් වන බැවින් හා අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියකින් සමන්විත වන බැවින්, එය එකවර නතරකර ගැනීම හෝ නතර වූ විට එය නැවත එකවර පණගැන්වීම හෝ කළ නොහැක් කේ එය සිසිල් වන තුරු දින ගණනාවක් බලා සිටිය යුතු නිසා ය.

තව ද, ගල් අඟුරු බලාගාරවලටම ආවේණික හේතූන් මත විටින් විට බලාගාරයේ සේවය ලබා ගැනීමට නොහැකි අවස්ථාවන් ද උද්ගත වී ඇත.

නඩත්තු කටයුතු සඳහා, වසර හතරකට වරක් නියමිත දින ගණනක් ඒ ඒ ඒකකය මුළුමනින්ම අක්‍රියකර තැබීම අනිවාර්ය අවශ්‍යතාවකි. මෙය ‘A මට්ටමේ අලුත්වැඩියාවක්’ ලෙස හදුන්වනු ලැබේ. ඒ සඳහා එක් ජනක යන්ත්‍රයක් දින 100ක පමණ කාලයක් බැගින් අක්‍රියකර තැබීමට අවශ්‍ය වේ.

නියම කරනු ලැබ ඇති තවත් නඩත්තුවක් ‘B මට්ටම’ ලෙස නම්කර තිබෙන අතර, එම අලුත්වැඩියාව සදහා සෑම වසර දෙකකටම වරක් එක් ජනක යන්ත්‍රය බැගින් දින 30-35ක කාලයක් සඳහා අක්‍රීය කරනු ලැබේ.

ඉහත මට්ටමේ නඩත්තු දෙකම නොයෙදුනු වසරක දී ‘C මට්ටමේ නඩත්තුවක්’ නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා දින 20ක පමණ කාලයක් අක්‍රීයකර තැබීමට සිදුවේ.

මහා පරිමාණයේ විදුලි බිඳවැටීමක් ජාතික විදුලිබල පද්ධතියේ සිදුවුවහොත්, එවැනි විචල්‍යයක් ක්ෂණිකව දරා ගැනීමේ හැකියාවක් ගල් අඟුරු බලාගාරයක් සතුව නොපවතියි.

එමනිසා එවැනි අවස්ථාවක දී බලාගාරය ස්වයංක්‍රීයව අක්‍රීයවන්නේ අඛණ්ඩව ධාවනය වුවහොත් යන්ත්‍රසූත්‍රවලට හා පද්දතියට සම්බන්ද කර ඇති උපකරණ වලට සිදුවිය හැකි හානිය නවතා ගැනීමට යි.

එසේ අක්‍රීය වූ බලාගාරය නැවත පණගැන්වීමට අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ගත වේඒ එම යන්ත්‍රය නැවත පන ගැන්වීමට එම ජනක යන්ත්‍රය සිසිල් විය යුතු බැවිනි . මෙලෙස ගල් අඟුරු බලාගාරයක් අක්‍රීයවීම දෝශ සහගත තත්ත්වයක් නොවන අතර, එය ආරක්ෂිත උපායක් ලෙස සලකනු ලැබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සතු වන්නේ එක් ගල් අඟුරු බලාගාරයක් පමණක් බැවින් හා එය රටෙහි විදුලි ඉල්ලුමෙන් හරි අඩක්ම සපයන බැවින්, මෙය අක්‍රිය වන සෑම අවස්ථාවක දීම ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට දැඩි බලපෑමක් සිදුවන බවට විදුලි ඉංජිනේරුවන් පවසයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනක යන්ත්‍රය 2021 වසරේ දෙසැම්බර් සිට අලුත්වැඩියා සඳහා අක්‍රීයව තැබුණු අතර, ඒ සඳහා චීන විශේෂඥයින් ද මෙරටට පැමිණ තිබුණි. එම ජනක යන්ත්‍රය අලුත්වැඩියා කිරීමෙන් පසු මෙලෙස මෙගාවොට් 160ක් ජාතික පද්ධතියට එක්කළ බව විදුලි බල මණ්ඩලය ජනවාරි 31 වනදා පැවසීය.

විදුලි අර්බුදය අවසන්ද?

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ ද, විදුලි අර්බුදයට පූර්ණ විසඳුමක් නොලැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පවසා සිටියේ, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ජල විදුලි උත්පාදනය ද පහත වැටී ඇති බව යි.

ජල විදුලි උත්පාදනය 55%ක් දක්වා අඩුවී ඇති බැවින් තාප බලාගාර ඇතුළු සෙසු බලාගාරවලින් ජාතික අවශ්‍යතාව සපුරාලීමට සිදුව ඇතැ යි ඔහු පැවසිය.

“විදුලි උත්පාදනයට වඩා ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාව දෙනවා”

ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනවාරි 31 දා තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එම තීරණය අද පස්වරුවේ නිවේදනය කෙරෙනු ඇත.

දැවිතෙල් හා ඩීසල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග සැපයීම හමුවේ ජනවාරි 31 දා දක්වා විදුලි කප්පදුවකට අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම විසින් මීට පෙර නිවේදනය කරන ලදී.

පවතින තත්ත්වය හමුවේ පෙබරවාරි මැද – මාර්තු මුල වන විට විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, විදුලි උත්පාදනයට ඉන්ධන සැපයීමට වඩා ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාව දෙන බව යි. එසේ නොවුණහොත් රටේ විශාල අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පවසා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික විදුලි ඉල්ලුම 8%කින් ඉහළගොස් ඇති බවට අමත්‍යවරයා පැවසිය.

නමුත්, 2014 වසරෙන් පසුව එම ඉල්ලූම සපුරාලීම සඳහා කිසිදු නව බලාගාරයක් ජාතික පද්ධතියට අලුතින් එක්කර නැතැ යි අමාත්‍යවරයා සඳහන් කළේ ය. එබැවින් පවතින තාප බලාගාරවලට රටේ සම්පූර්ණ ඉල්ලුම සපුරාලීමට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.

අමාත්‍ය උදයගම්න්පිල උපකල්පනයක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ, පෙබරවාරි මස මැද දී හෝ මාර්තු මස මුල වන විට අනිවාර්ය විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව යි.

ඉදිරි මාසවල පවතින වියළි කාලගුණය තවත් උග්‍රවීම හමුවේ ජල විදුලි උත්පාදනය තවදුරටත් පහළ යා හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

BBC සිංහල වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී

More from author

රට කරවන්න දියවන්නාවට ගොස් වසර 40යි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අදට (29) වසර 40 ක් සපිරෙනවා. ගාලු...

ලෝක මැලේරියා දිනය අදයි (25)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා. වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන...

‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී....

ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ...

රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ

මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...