පෝර්ට් සිටි ඉඩම්වලට කවුරුවත් නෑ

කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් විදේශ ආයෝජකයන් සඳහා වෙන් කර ඇතත් මෙතෙක් ආයෝජකයන් විසින් ලබාගෙන ඇත්තේ ඉන් බිම් කොටස් හයක් පමණක් බවයි කියන්නේ. වරාය නගරය භූමියෙන් බිම් කොටස් 74ක් ආයෝජකයන් සඳහා වෙන්කර තිබෙනවා. එහෙත් තවමත් එහි බිම් කොටස් 68 ක් සඳහා කිසිදු ආයෝජකයෙකු ඉදිරිපත් වී නැහැ.

දැනට බිම් කොටස් හයක් සඳහා දිරිපත් වී ඇති ආයෝජකයාට ද තම කටයුතු ආරම්භ කරගත නොහැකි වී ඇත්තේ වරාය නගරයට අදාල නීතිමය රෙගුලාසි මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා බවයි කියන්නේ.

චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආයෝජනයක් ලෙස බිලියන ගණනක් වැය කළ තවමත් නිසි ආදායමක් ගත නොහැකි කොළඹ වරාය නගරය හෙක්ටයාර 269 භූමි ප්‍රදේශයකින් සමන්විතයි.

POPULAR

Recent articles