දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ, දුම්රිය මගින් අපහසුතාවයට පත්නොවන සේ එම කටයුත්ත ඉටුකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය බලාත්මක කර ඇති අතර, දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබුණා.

POPULAR

Recent articles