සමගි ජන බලවේගයෙන් ඡායා කැබිනට්ටුවක් !

සමගි ජන බලවේගයෙන් ඡායා කැබිනට්ටුවක් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය විසින් ඡායා කැබිනට්ටුවක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, රජයේ කැබිනට් මණ්ඩලයට සමගාමීව එහි කටයුතු සොයා බැලීමේ අරමුණින් යුතුවයි.

රජයේ අමාත්‍යංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වීම, එහි කටයුතු සොයා බැලීම, ඒ පිළිබඳ අදහස් දැක්වීම හා ගැටළුවලට විසඳුම් සෙවීම ඡායා කැබිනට්ටුවක කාර්‍යභාරයයි.

විශේෂයෙන් කිසියම් රටක විපක්ෂය විසින් ඡායා කැබිනට්ටුවක් පවත්වාගෙන යාම එම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බව උදෙසා ඉවහල් වන බවයි දේශපාලන විෂ්ලේෂකයින්ගේ අදහස.

ඒ අනුව, පසුගිය ආණ්ඩුවේ අදාළ විෂයන් සඳහා සිටි එවකට අමාත්‍යවරුන් විසින් වර්තමාන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශවල කාර්‍යභාරය ඡායා කැබිනට්ටුව මගින් අධ්‍යනය කිරීමට නියමිතයි.

POPULAR

Recent articles