අන්තර්කාලීන අයවැය එළඹෙන මාසයේදී පාර්ලිමේන්තුවට

ඉදිරි මාස කිහිපය සඳහා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට අමාත්‍යංශ මට්ටමින් අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇති බවයි.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියා.

POPULAR

Recent articles