වන අලි වදිති ගම් මහියංගනේ !
මහියංගන රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ට අයත් ඇකිරියන්කුඹුර ගම්මානය ට පසුගිය දෙවනදා වන අලීන් කඩා වැදි තිබෙනවා. .එහිදී ඇකිරියන්කුඹුර කණ්ඩියවත්ත පදිංචි K.H.B. පුංචිබංඩා සහ A.M.ප්‍රේමරත්න යන ගොවි මහතුන්ගේ නිවෙස් දෙකට වන අලීන් විසින් පහර දී තිබෙනවා..මීට පෙර මෙම වන අලීන් ගම් වැදී ඇති නමුත් නිවසකට පහර දීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි ප්‍රදේශ වාසීන්ගේ අදහස. දැනට අවුරුදු දෙකක පමණ සිට මෙසේ ගම් වදින වන අලීන් විසින් ප්‍රදේශයේ ජන ජීවිතය ට බලපෑම් ඇති කරමින් සිටින අතර මේ පිළිබඳ ඉතා කඩිනමින් පියවරක් ගන්නා ලෙස ඇකිරියන්කුඹුර ප්‍රදේශවාසීන් විෂයභාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
#COVID_19 #Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka
එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !
https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/