“ජනාධිපති ගියා” – අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය ද තහවුරු කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (13) උදෑසන නිවේදනය කළේ, පවතින රජයේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයාට සිය බිරිඳ හා ආරක්ෂකයින් දෙදෙනෙකු සමග කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බවයි.

මේ අතර ජනාධිපතිවරයා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා කර තිබුණා.

අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද අදාළ විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව වනවා.

POPULAR

Recent articles