තායිලන්තයෙන් ගෑස් ආනයනය තවදුරටත් ප්‍රමාද වෙයි

ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් අවසන්වීමට තවත් මාස එක හමාරක පමණ කාලයක් ගතවනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.

මේ අතර දිවයිනට ළඟා වී ඇති නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතුවලට තවදුරටත් අයහපත් කාලගුණයෙන් බාධා මතුව ඇති බව වාර්තා වනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ පවතින තත්ත්වය හමුවේ වුවත් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ක් වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කරන බවයි.

කෙසේ වුවද අද (19) දිනයේත් ඕමානයේ සිට තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

මේ අතර තායිලන්තයේ සියාම් සමාගමෙන් ගෑස් ආනයනය ද විදේශ විනිමය අර්බුදය හමුවේ තවදුරටත් ප්‍රමාද වනු ඇති බව වාර්තා වනවා.

ජුනි මුල් සතිය වනවිට හෝ සියාම් සමාගමෙන් ගෑස් ආනයන කිරීමට හැකි වනු ඇති බව ලිට්‍රෝ සමාගම බලාපොරොත්තුවනවා.

POPULAR

Recent articles