ශෂි වීරවංශට ඇප

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ රුපියල් 50,000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (31) නියෝග කර තිබෙනවා.

චූදිත ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම දෙමසකටම වරක් අපරාධ වශයෙන් දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද අධිකරණයෙන් ඇප කොන්දේසියක් නියම කර තිබෙනවා.

මෙම නියෝග නිකුත් කර ඇත්තේ ශෂී වීරවංශ විසින් ගොනු කළ අභියාචන ඉල්ලීම අද (31) සලකා බැලූ අවස්ථාවේදී යි.

අදාළ නඩු දෙකට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඉකුත් 27 වැනිදා නියම කර සිටියා.

සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කරනු ලැබුවා.

POPULAR

Recent articles