“ජනාධිපතිවරයාට රටින් පිට වීමට යානාවක් ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසිවලට අනුව යි” – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුව බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ අදාළ ගුවන් යානය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ආගමන විගමන රේගු සහ අනෙක් සියලු ම නීතිවලට ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බවයි.

එමෙන්ම එම යානාව තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පමණක් ගමන් ගත් බවත් ගුවන් හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියන්නේ අදාළ AN 32 ගුවන් යානය අද (13) අලුයම ලබාදුන් බවයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles