ජනතාව දැනුවත් කරන්න කෝටි 8ක් වියදම් වෙයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට දීමනා වර්ග 11ක් යටතේ රුපියල් හාර කෝටි පනස් අට ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

මීට අමතරව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සමස්ත මෙහෙයුම් වියදමෙන් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් එනම් මුලු මුදලෙන් 49% ක් වැය කර ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇති බව කෝප් කමිටුව පවසනවා.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ එම කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී යි.

POPULAR

Recent articles