”මහා සංඝරත්නය විරෝධතාවල යෙදීම රටට හොඳ නෑ” – ජගත් කුමාර සුමිත්‍රාආරචිචි

ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරනවා.

පවතින ආර්ථික තත්වය හමුවේ රටේ බොහෝ දෙනා තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව සිටින තත්වයක් යටතේ ජනතාව විසින් නඩත්තු කෙරෙන වෙහෙර විහාරස්ථාන හා පොදු පූජනීය ස්ථාන පවත්වාගෙන යෑම ගැටලු සහගතවී ඇතැයි පවසන මන්ත්‍රීවරයා දෙතුන් ගුණයකින් වැඩිවූ විශාල විදුලි බිලක් ලැබීම හේතුවෙන් ආගමික ස්ථාන මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයි සඳහන් කරනවා.

රට පුරා විහාරස්ථානවල මහා සංඝරත්නය හා පූජ්‍ය පක්ෂය විදුලි බිල සම්බන්ධයෙන් විරෝධතාවල යෙදීම ආණ්ඩුවටත් රටටත් යහපත් නොවන බැවින් විරෝධතා රැල්ලක් තවත් වටයකින් ඇතිවීමට එය හේතුවක් විය හැකි බවයි ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මන්ත්‍රීවරයා කියන්නේ.

POPULAR

Recent articles