සෞඛ්‍ය අමාත්‍යාංශය කංසා වගා කරන්න යයි

අක්කර 10 000 විශාලත්වයෙන් යුතු කංසා වගාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් පස්වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ බටහිර රටවල කංසා සඳහා විශාල ඉල්ලුමක් ඇති බවයි. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට වැටී ඇති මේ මොහොතේ කංසා අපනයනයෙන් විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

“කංසා සම්බන්ධ ඉතා වැරදි මතයක් සමාජයේ තියෙනවා. කංසා දුම්පානයට අමතරව එය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් යොදා ගන්නවා. දැනට ඖෂධ නිපදවීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට කංසා ලැබෙන්නේ අධිකරණය හරහායි.

නඩු කටයුතු අවසන් වූ පසු අත්අඩංගුවට ගත් කංසා කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. කෙසේ වෙතත් නඩු කටයුතු සඳහා විශාල කාලයක් ගතවන බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණෙන විට කංසා භාවිතයට ගත නොහැකි මට්ටමට පත්ව තිබෙනවා. මේ මොහොතේ තමන් සතුව ශුද්ධ, හොඳ තත්වයේ කංසා කිලෝග්‍රෑම් 3000ක් පවතින බව දෙපාර්තමේන්තුව පවසනවා. ඖෂධ නිපදවීම සඳහා ලියාපදිංචි ආයුර්වේද ඔසු සලකට දෙපාර්තමේන්තුව මගින් වරකට ලබා දෙන්නේ ලබාදෙන්නේ කංසා කුඩු කිලෝ ග්‍රෑම් දහයක් පමණයි” යනුවෙන් සිසිර ජයකොඩි අමාත්‍යවරයා කියනවා.

POPULAR

Recent articles