ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

සංචාරක ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

අද ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 554 කට දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් නොදැවී 206 ක්, දීමුත් කරුණාරත්න 86 ක්, කුසල් මෙන්ඩිස් 85 ක් ලබා ගැනීම කැපී පෙනුණා. මිචෙල් ස්ටාර්ක් ළකුණු 89 කට කඩුලු 04 ක්ද මිචෙල් ස්වප්සන් ළකුණු 103 කට කඩුලු 03 ක්ද බිඳ හෙලුවා.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු පිලට සියලුදෙනා රැස්කර ගත හැකි වූයේ ලකුණු 151ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට තරග 1ට 1ක් ලෙස තරගාවලිය සම කිරීමට හැකි වුණා.

මෙහිදී තම ක්‍රිකට් දිවියේ පළමු ටෙස්ට් තරඟයට මුහුණ දුන් ප්‍රභාත් ජයසුරිය තරඟයේ පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේදී ද කඩුලු 6ක් ලබා ගැනීම විශේෂත්වයක්.

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගනු ලැබුවේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින්.

POPULAR

Recent articles