කතානායක නිල නිවෙසේ ආරක්ෂාව ඉහලට

කතානායකවරයාගේ නිල නිවසේද ආරක්ෂක විධිවිධාන වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ආරංචි මාර්ග පවසන්නේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර නිලධාරීන් කණ්ඩායම්ද යොදවා ඇති බවයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත් වීමෙන් පසුව වැඩබලන ජනාධිපති ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතව ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන වනවා.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles