තෙල් ප්‍රශ්නය විසඳන්න මම මැදිහත් වෙන්නම් – පරිසර ඇමති

රටේ පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදීම සඳහා තමාට මැදිහත් විය හැකි බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා. පරිසර අමාත්‍යවරයා එබව කියා සිටියේ, ඊයේ සිය අමාත්‍යාංශයේ දී වැඩ බාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතමින්.

ඒ අනුව සෞදි අරාබියේ ඉන්ධන හා ඛනිජ සම්පත් පිළිබඳව කිං ෆහාඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන තමාට එම විශ්වවිද්‍යාලයේම උපාධිධාරියෙකු වන වත්මන් සෞදි අරාබියානු රජයේ ඛනිජ සම්පත් පිළිබඳ අමාත්‍යවරයා සමග සෘජුවම සම්බන්ධ වී අප රටේ ඉන්ධන අර්බුදයට විසදුම් ලබාගත හැකි බව,පරිසර අමාත්‍යවරයා කියා සිටිනවා.

පක්ෂ වලට බෙදී ජාතික ගැටලු වලට විසඳුම් සෙවිය නොහැකියි බවත් රටේ උද්ගතව ඇත්තේ දේශපාලන අර්බුදයක් නොව ආර්ථික අර්බුදයක් බවත් මේ සඳහා විසඳුම් ලබාදීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් පරිසර අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියා.

POPULAR

Recent articles