”මෙම අර්බුදයෙන් නැගීසිටීමට හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් කටයුතු කරන්න” – මහ බැංකුව

වත්මන් ආර්ථික දුෂ්කරතා හා පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව ප්‍රකාශ කර සිටිනවා.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජාතිය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට හා මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගීසිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත්, මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහාය දැක්වීමත් සැමගේ යුතුකමක් බවයි.

එමෙන්ම විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් වන සියලුම රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීම සහතික කරන ලෙස බැංකු ප්‍රජාවගෙන් මහ බැංකුව ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles