“රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි” – සරත් ෆොන්සේකා

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූ දරුවන්ට හදවතින්ම ආශිර්වාද කරණ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තමන මන්ත්‍රීවරයා කියන්නේ තමන් කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවන බවයි.

“අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.

ගෝඨාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි.

සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමඟ මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.
ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූ දරුවන්ට හදවතින්ම ආශිර්වාද කළ මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි” යි ඔහු තම සටහනේ සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles