”කන්න බැරි හාල් ගේන්නේ නෑ” – මහින්ද අමරවීර

පරිභෝජනයට නුසුදුසු කිසිඳු සහල් වර්ගයක් රටට ගෙන්වීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආනයනය කරන සහල්, අංශ කිහිපයක් යටතේ පරීක්ෂා කරන බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආනයනය කරන සහල්වලට වඩා ඉතා හොඳ තත්ත්වයේ සහල් මෙරට ගොවීන් නිෂ්පාදනය කරන බවත් සහල් ප්‍රමාණයේ අඩුවක් නිසා ආනයනය කිරිමට සිදුවූ බවයි.

POPULAR

Recent articles